නිදහස් අධ් යාපනයේ පියාගේ නිහඬ ඛේදවාචකය ලංකාවේ ප් රථම අධ් යාපන ඇමැතිවරයා, සී.ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගරය. මේ වගේ අධ් යාපන ඇමතිලත් අපේ රටේ හිටියා 1969 සැප්තැම්බර් 23 වන දින සීයා කොළඹ මහ ඉස්පිරිතාලෙදි මියගියා. අපේ තාත්තා උදේ බලන්න යනකම්වත්, හිටපු අධ් යාපන ඇමැතිවරයා මියගිය බව කවුරුවත් දැනුම් දුන්නේ නැහැ. ඒ විතරක් නොවෙයි. මහ ඉස්පිරිතාලෙ සාමාන් ය ඇඳක් උඩ මියගිය හිටපු අධ් යාපන ඇමැතිවරයගෙ උපැස් යුවළත්, සෙරෙප්පු දෙකත්, හොරකම් කරලා හසිතා පැවැසුවේ ඈත ගම් නියම් ගම් සිසාරා ලක්ෂ සංඛ් යාත දුගී දරුවන්ට ඉගෙනීම ලබා ජීවිතය සාර්ථක කර ගැනීමට මග පාදා දුන් පරමාදර්ශී යුග පුරුෂයෙකුට ජාතිය සැලකූ ආකාරය පිළිබඳවය. එක්දහස් අටසිය අසූ හතරේ ඔක්තෝබර් මාසෙ දහතුන්වෙනිදා හික්කඩුව වෑවල වී බදු වලව්වේ තමයි අපේ සීයා උපන්නේ හසිතා බාලසූරිය තම සීයා පිළිබඳව සිය මතක ගබඩාවේ තැන්පත්ව තිබූ තොතුරු හෙළි කරන්නට වූවාය. එක්දහස් නවසිය එකේදී ඔහු කේම්බ් රිජ් සීනියර් විභාගයෙන් උසස් ලෙස සමත් විය. මෙම සාමාර්ථයේ ජයග් රහණය සනිටුහන් කළේ ශ් රී ලංකාවේ පමණක් නොව මුළු බ් රිතාන් ය අධිරාජ් යයට අයත් රටවල ප් රථමයා වීමෙනි. එය...